‘Industry EXPO 2024’ ජූනි 19 දා

Published in පුවත්
Friday, 26 April 2024 13:58

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 21ක දකුණු ආසියාවේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම ජාත්‍යන්තර ප්‍රදර්ශනය ලෙසින් ක්‍රියාත්මක “Industry EXPO 2024” කර්මාන්ත ප්‍රදර්ශනය ජූනි මස 19 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරෙනවා.

කර්මාන්ත අමාත්‍යංශය, ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හා එක්ව පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනයට මෙවර ප්‍රදර්ශන කුටි 1300කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වෙයි.

නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවංගයන් “Industry EXPO 2024” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේදී දැකගත හැකි වන අතර නවොත්පාදනයන් සඳහා වෙනම පරිශ්‍රයක්ද මෙහි අන්තර්ගත කොට තිබෙනවා.

එමෙන්ම විදේශිය ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය හා එක්වීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රදර්ශනයට සමගාමීව දේශිය වාහන එකලස් කිරීමේ ආයතනවල සහභාගිත්වයෙන් ජාතික රථවාහන පෙරහැරක්, තිරසර හරිත කර්මාන්ත සංස්කෘතියක් උදෙසා ජාත්‍යනත්ර සමුළුවක් මෙන්ම ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක විවිධ වැඩසටහන් ඇතුළු අංග අන්තර්ගත වේ.

ප්‍රදර්ශනය 23 වන දා දක්වා දින 5ක් පුරා පැවැත්වීමට නියමිත අතර 0778037569 දුරකතනය ඔස්සේ ව්‍යවසායකයින්ට ප්‍රදර්ශන කුටි වෙන් කරවා ගැනීමේ හැකියාව තිබෙනවා.

Last modified on Friday, 26 April 2024 13:58

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us