නැති තැන්වලට මත්පැන් අලෙවිහල් දාන්න තීරණයක්

Published in පුවත්
Monday, 29 April 2024 13:04

බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව තීරණය කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය වසර පහළොවටම සංශෝධනය වී නොමැති බව එම සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති මුදල් කාරක සභාවට දැනුම් දී තිබේ.

කිලිනොච්චිය වැනි ඇතැම් ප්‍රදේශවල බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් නොමැති බවත් එවැනි අවශ්‍යතා සලකා බලා ගැසට් නිවේදනයේ නිර්ණායක අනුව ඉහත සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගැනෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.

මෙම නව අලෙවිසල් සඳහා දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන ඉල්ලීම්වලින් සියයකට ආසන්න ප්‍රමාණයක් නියමිත සුදුසුකම් සපුරා තිබේ. මේ වන විට නව බලපත්‍ර 32ක් නිකුත් කර ඇත.

බලපත්‍රයක් ඉල්ලුම් කරන තැනැත්තා පසුගිය වසර පහ ඇතුළත කිසිම අපරාධයකට සම්බන්ධ නොවිය යුතු වන අතර ඒ සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් අවශ්‍ය වන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසූ බව අරුණ පුවත්පත වාර්තා කොට තිබේ.

Last modified on Monday, 29 April 2024 13:09

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us