Fox Hill ධාවකයන් දෙදෙනා නිදහස් කෙරේ

Published in පුවත්
Wednesday, 01 May 2024 09:55

දියතලාව නරියාකන්ද, ෆොක්ස් හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව ඊයේ (30දා) යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ එම අනතුරට සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්‍ෂ පනහ බැගින් වූ බැඳුම්කර දෙකක් මත නිදහස් කර සැකකාර තරගකරුවන් දෙදෙනාට යළි අධිකරණයෙන් සිතාසියක් ලැබුණහොත් පමණක් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් ඇන්ටනී එස්. පීටර් ෆෝල් ඊයේ (30දා) නියෝග කළේය.

මාතර මැදපාර හිත්තැටියේ ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36) සහ පේරාදෙණිය මාකන්දන පදිංචි ඒ. එම්. ඩිලාන් සංජීව යන තරගකරුවෝ මෙසේ මුදාහරිනු ලැබූහ. දියතලාව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙහි පරීක්‍ෂණ කටයුතු තවමත් අවසන්වී නොමැති බවයි. තවදුරටත් පරීක්‍ෂණ කටයුතු සිදුකරන බව පැවසූ පොලිසිය තරගකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි පරීක්‍ෂා කිරීමට ඔවුන්ගේ රුධිර සාම්පල රස පරීක්‍ෂකවරයාට යැවීමට ඇති බවද කීවේය. මෙහිදී නීතිඥ පාරින්ද වීරසිංහ මහතා අධිකරණයට කියා සිටියේ මෙම මෝටර් රථ තරග, තරග ධාවන පථයට අදාළ නීති රීති යටතේ පැවැති බවයි. මේ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්වරයා තරගකරුවන් දෙදෙනා බැඳුම්කර මත මුදාහැරියේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us