ලෝක නිදහස් මාධ්‍ය දිනය අදයි

Published in පුවත්
Friday, 03 May 2024 11:09

ලොව පුරා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෝක නිදහස් මාධ්‍ය දිනය අදට (03) යෙදී තිබේ.

1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර එයින් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

එතැන් සිට ලෝකයේ එක් එක් රටවල් මෙම දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කරන අතර විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වැනි වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබා ගැනීමට, තොරතුරු ප්‍රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර 31 වැනි නිදහස් මාධ්‍ය දිනය සමරන අතර 1986 වසරේ දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමො කානෝ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ දිනය වෙන්කර ඇත. ඉකුත් දස වසර තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 929 දෙනකු ඝාතනය කර ඇති බවට වාර්තා වන අතර මාධ්‍යවේදීන්ට අනතුරුදායකම රට ඉරාකය වේ. දෙවැන්න සිරියාවයි. රටවල් 180ක් ඇසුරින් සැකසෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ පළමු තැන පසුගිය වසරේ දී හිමිවූයේ නොර්වේ රාජ්‍යයටයි. 2022 වසරේ දී ශ්‍රී ලංකාවට හිමිවූයේ ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ 146 වැනි ස්ථානයයි.

 

- දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us