උෂ්ණය දරා ගැනීමට නොහැකිව 9 දෙනකු මිය යයි. කාලගුණයෙන් අනතුරු හැඟවීම් Featured

Published in පුවත්
Saturday, 04 May 2024 20:25

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

උෂ්ණාධික කාලගුණය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇති නමුත් මැයි මාසයේද සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනු ඇතැයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

පසුගිය අප්‍රේල් මාසයේදී සෙල්සියස් අංශක 28.12 උෂ්ණත්වයක් නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තා වූ අතර එය 1901 වසරෙන් පසුව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය විය.

මේ අතර මෙරට ද මේ දිනවල දැඩි උෂ්ණත්වයක් පැවැතීම නිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් එල්ල වී ඇත. හෙට (05) දිනයේ මෙරට උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම “වැඩි අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බවය.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

temperature 2

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us