ලයිට් බිල අඩු කරයි ද

Published in පුවත්
Monday, 06 May 2024 13:48

යළිත් වරක් විදුලි බිල සංශෝධනය කිරීමට ලබන ජුනි මාසයේ සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන  පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව මේ වන විට සකස් කරමින් සිටින බව ද ඔහු කියා සිටී

එහි අවසන් යෝජනාවලිය එළඹෙන සතියේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලේකම්වරයා පෙන්වා දෙයි.

ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු ඊට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි විය යුතු වන අතර, ඉන් අනතුරුව ලබන ජුනි මාසයේ සිට විදුලි බිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් කියා සිටී.

එමෙන්ම විදුලි බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ ප්‍රකාශ කරන්නේ විදුලිය බල මණ්ඩලය ලබා ඇති අසීමිත ලාභය සැලකිල්ලට ගෙන විදුලිය බිල සියයට විස්සකින් අඩුකර එම සහනය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය මහජනතාවට මෙන්ම කර්මාන්ත කරුවන්ට නොපමාව ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය වහා පියවර ගත යුතු බවයි.

ජනතාවගේ ආර්ථික අපහසුතා එමගින් යම් මට්ටමකට අඩු කළ හැකි වෙතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

විදුලි බල උත්පාදනයේදී ජල විදුලි බල දායකත්වය පසුගිය වසරේ මුල් භාගයේදී ඉහළ යෑම මණ්ඩලයේ මූල්‍ය කාර්ය සාධනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයිද කමිටුව පෙන්වා දෙයි.

විදුලිය මණ්ඩලය පසුගිය වර්ෂයේ දී ලැබූ සමුච්චිත ලාභ ප්‍රමාණය රුපියල් කෝටි 6000 ක් බවත් 2024 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී ලැබූ රුපියල් කෝටි 5100 ක මුදලද ඇතුළත්ව 2024 මාර්තු 31 වනවිට රුපියල් කෝටි 8200 ක ලාභයක් උපයා ඇති බවත් එම කමිටුව සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us