බන්ඩි පොහොර ගන්න හෙට සිට ගොවි ගිණුම්වලට මුදල්

Published in පුවත්
Monday, 06 May 2024 18:26

යල කන්නයේ වී වගාව සඳහා බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම් වලට හෙට(7) සිට මුදල් බැර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය  පවසයි. 

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හෙක්ටෙයාර් එකකට රුපියල් 15000 බැගින්  මුදල්  බැර කිරීමට නියමිත අතර වී වගාවට බන්ඩි පොහොර  යෙදීම පසුගිය කන්න කිහිපයේ ප්‍රමාණාත්මකව අවම වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

වී කරල් ශක්තිමත් වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහ කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වුවද ගොවීන් මිල දී ගෙන ඇත්තේ ඉන් තුනෙන් එකක් පමණි.

විශේෂයෙන් දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා ද මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us