ලංකාවේ මල් විකුණා චීනයේ ප්‍රසිද්ධ වුණු තරුණයා, නැරඹුම් වාර කෝටි 13 ක් Featured

Published in අනං මනං
Tuesday, 07 May 2024 14:50

ලංකාව ලොව සංචාරක කර්මාන්තයේ ඉහළ තැනක් දිනා ගන්නට සමත් වෙලා. ස්වභාවික සුන්දරත්වය, වෙරළ තීරයේ සිට සශ්‍රීක වැසි වනාන්තර, මනරම් තේ වතු සහ මීදුම සහිත කඳු දක්වා විහිදෙන විස්මිත භූ දර්ශන වලින් සමන්විත වීම නිසායි.

ඒ වගේම පොහොසත් සංස්කෘතිය, වනජීවී අත්දැකීම්, ත්‍රාසජනක අවස්ථාවන් සහ උණුසුම් ආගන්තුක සත්කාරයේ සංකලනය ශ්‍රී ලංකාව විවිධාකාර සහ අමතක නොවන අත්දැකීම් සොයන සංචාරකයින් සඳහා ජනප්‍රිය තේරීමක් බවට පත්ව තිබෙනවා.

මේ දින වල මෙරට කඳුකර තරුණයෙකුගේ උත්සාහවත් කැපවීමක් සම්බන්ධයෙන් මේ දිනවල චීනයේ ප්‍රචලිතව ඇති වීඩියෝවක් ඒ පිළිබඳව වෙනත් මානයක් ලොවට කියාපානවා.

“ලංකාවේ මල් විකුණන මල්ලි“ නමින් වීඩියෝවක් චීනය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූවා.

මෙම වීඩියෝව මේ වන විට චීනයේ සියලුම සමාජ මාධ්‍ය ආවරණය කරමින් නැරඹුම්වාර කෝටි 13ක් ඉක්මවා තිබෙනවා.

චීනය පුරා හදවත් දිනාගත් දිලිප්ට ඔවුන්ගේ ආදරය චිත්‍රයට නගමින්ද පෙන්වා තිබුණා.

WhatsApp Image 2024 05 07 at 14.35.05 61573e92

WhatsApp Image 2024 05 07 at 14.35.04 8479bd0f

WhatsApp Image 2024 05 07 at 14.35.03 15d42456

ඒ එහි සිටින තරුණයාගෙන් ඉස්මතුවන අවංක සිනහව ,ජීවිතය ජය ගැනීමට දරන උත්සහය මෙන්ම කෘතවේදීභාවයත් මීට ඉවහල් වී තිබෙනවා.

චීන හදවත් කෝටි ගණනක් ස්පර්ශ කළ මේ වීඩියෝවේ සිටින තරුණයා කවුද ?

ඒයා හරිම කෙට්ටුයි නමුත් ජීවිතය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන ඒ තරුණයා හරිම ලස්සනයි.

කොත්මලේ ජීවත් වන දිලිප් පවුලේ තුන්වැනියා. දිලිප් ගේ මව් දෙමව්පියන් එළවලු විකුණා සිය ජීවිකාව ගෙන යනවා. පාසැල් ගමනට සමුදෙන දිලිප් සිය ජීවනෝපාය ලෙස නුවරඑළිය ගම්පොළ පාරේ යන එන සංචාරකයින්ට මල් විකිණීම තෝරා ගන්නවා. අවුරුදු අටක් පුරාවටම දිලිප් කරන්නේ මල් විකුණන එක. චීනය පුරා හදවත් දිනාගත් දිලිප්ට ඔවුන්ගේ ආදරය චිත්‍රයට නගමින්ද පෙන්වා තිබුණා. ළඟදීම දිලිප්ව බැලීමටම චීන විශේෂ සංචාරකයින් පිරිසක් පැමිණීමට නියමිත බවත් දිලිප් පවසා සිටියා.

කෙසේවෙතත් කෝටි ගණනක් චීන වැසියන් මල් කුමාරයා ලෙස හඳුන්වන දිලිප් මදුශංකගේ ජීවිත කථාව ඔහු විකුණන මල් තරම් ලස්සන නැහැ.

රටට ඩොලරයක් හෝ උපයා දීමට වෙහෙසෙන මෙවැනි තරුණයන්ගේ ජීවන අරගලයට චීනයට පෙර ශ්‍රී ලාංකික අපද  අතහිත දී ඇගයීමකට ලක් විය යුතුය.

 

 

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us