දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මසක් තුළ කැබිනට්ටුවට

Published in පුවත්
Wednesday, 08 May 2024 09:21

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් රංජිත් රූබසිංහ සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව මේ වනවිට අධ්‍යනය කරමින් සිටින බවයි.

අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම කටයුතු සිදු කරනු ඇති.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඔවුන් විසින් කමිටු යෝජනා සමාලෝචනය කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කරන බවයි.

ඊට කැබිනට් මණ්ඩලය ලබා දෙන තීන්දුවෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කරන බව ද රංජිත් රූබසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කර එහි පාඩුව අවම කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණ සැලස්ම ක්‍රියාත්මක වනුු ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us