රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් පැන ආ ලාංකිකයින් 2නෙක් කරුණු රැසක් හෙළි කරයි

Published in පුවත්
Friday, 10 May 2024 09:31

රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස ගොස් ඉන් පැන ආ ලාංකිකයින් දෙදෙනකු කරුණු රැසක් හෙළි කර ඇත.

එහිදී ඔවුන් පැවසුවේ යුද බිමේදී තුවාල සිදුවන සාමාජිකයින් ද යළි යුද බිමට යැවීමට තරම් ඔවුන් කුරිරු බවය.

"අපේ ආර්ථික ගැටලු නිසා තමයි අපි ඒ වගේ තැනකට ගියේ. අපි දන්නේ නැහැ කිසිම දෙයක්. කැලයක් මැදට ගිහින් දැම්මා. යුද්ධයකටත් වැඩිය ඒක සියදිවි නසා ගැනීමක්. නැවත පැමිණීමක් නැහැ. යුක්‍රේන සොල්දාදුවෝ හදපු බංකර්වල තමයි අපි දවල් දවසේ ඉන්නේ. රෑට අපි ගමන් කරනවා. ඩ්‍රෝන ප්‍රහාරයක් වැදිලා කිලෝමීටර් එකහමාරක් විතර මම බඩගෑවා. ලංකාවෙදි භාවිතා කරපු යුද උපක්‍රම ශිල්ප සියල්ලම මම භාවිත කළා. අවසානයේ නැවත මම මගේ මව් රටට ආවා."

මේ අතර මිනිස් ජාවාරම්කරුවන් රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස යවන ලද 06 දෙනෙකු මියගොස් ඇතැයි විමර්ශන මගින් අනාවරණ කරගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව අද (09) පැවසීය.

2022 පෙබරවාරි 24 වනදා රුසියානු හමුදා යුක්‍රේන භූමිය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු යුක්‍රේන යුද්ධය ආරම්භ වුණි.

යුද්ධය කෙටි කලක් තුළ අවසන් කරන බවට රුසියාව විශ්වාසය පළ කළත් එය බලාපෙරොත්තු නොවන ආකාරයෙන් දිග්ගැස්සුණේ, දිනෙන් දින දහස් ගණනකට මරු කැඳවමිනි.

දෙපාර්ශ්වයේ පිරිස් විශාල වශයෙන් මියයද්දී ඔවුන් යුද ජයග්‍රහණය වෙනුවෙන් විවිධ රටවලින් කුලී හේවායින් බඳවා ගත්තේය.

එම යුද්දයට ලාංකිකයින්ද මැදිහත්ව ඇති බවට පළමුවරට වාර්තා වන්නේ, යුක්‍රේනය වෙනුවෙන් සටන් කළ කපිතාන් රනීෂ් හේවගේ රුසියානු ප්‍රහාර හමුවේ මියයාමත් සමගය.

එම පුවතත් සමග යුද්දයට මැදිවූ ලාංකිකයින් පිළිබඳ කරුණු අනාවරණ වන්නට පටන් ගත්තේය.

-අද දෙරණ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us