එදා සජිත් රට බාරගත්තා නම් ආර්ථිකයට වෙන දේ ගැන ‌‌ෂෙහාන් කියයි

Published in පුවත්
Friday, 10 May 2024 12:51

අද විවේචන එල්ල කරන අයට මීට වසර දෙකකට පෙර රජය භාරගෙන රට ගොඩනැගීමේ භාර ධුර කාර්යය ඉටුකළ හැකිව තිබු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එම අවස්ථාව මඟ හැර, ආර්ථික යහපත් වු අද දවසේ පදනම් විරහිත විවේචන එල්ල කිරීම හෙළා දකින බවයි මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

පැහැදිලිවම කිව යුතුයි රජයේ වැඩ පිළිවෙලට විරුද්ධව කතා කරන සියලු දේශපාලන නායකයන්ට මීට අවුරුදු දෙකකට කලින් අවස්ථාව තිබුණා. ඔවුන්ට මේ වගකීම භාර අරගෙන මේ මට්ටමට රට ගොඩනැගීමේ භාරදූර්ය කාර්යය ඉදිරියට කරගෙන යන්න තිබුණා.

නමුත් එදා ඒ වගකිම්වලින් පැනල ගිහිල්ලා ඒ වගකීම් වලින් මග ඇරලා අද ආර්ථිකය ස්ථාවර වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කිරීම සාධාරණ නැහැ.

බොහෝ වෙලාවට විපක්ෂ නායකතුමාගේ අදහස තමයි රටේ ආර්ථිකය සංකෝචනය වෙලා තියෙනවා කියලා.
2023 අවසාන කාර්තුවේ 4. 5 %ක ආර්ථික වර්ධනයක් වෙලා තියෙනවා. එතුමා එදා රට භාර ගත්තා නම් ඒක කරන්න පුලුවන් වේවිද කියල එතුමාට කල්පනා කරන්න වෙනවා.
මොකද මේ දක්වා ආපු ගමන් මගට සම්පූර්ණම විරුද්ධව කටයුතු කරලා, මේ අවුරුදු දෙකක කාලය තුළ රටේ බරපතළ අර්බුදය පැත්තක තියලා, තමන්ගේ දේශපාලනය වෙනුවෙන්ම විතරක් පෙනී ඉදලා, විවේචනාත්මකව කතා කරන්න විතරයි විපක්ෂයට පුලුවන් වුණේ. ඒ නිසා විපක්ෂයට ආර්ථිකමය වශයෙන් දැක්මක් සහ වැඩපිළිවෙලක් නෑ කියලා මම කියනවා.

Last modified on Friday, 10 May 2024 13:40

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us