වසර 1900ක් පැරණි ඉතිහාසයකට නෑකම් කියන විහාර සංකීර්ණයක් හමුවෙයි

Published in පුවත්
Friday, 10 May 2024 15:41

වසර 1900 ක ඉතිහාසයකට නෑකම් කියන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසූ පැරණි විහාර සංකීර්ණයක් හා වර්ග අඩි 400 – 500 පමණ විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටබුන් නාඋල - බඹරගහවත්තෙන් හමුවී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාල නිලධාරීන් හා කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (09දා) මෙම අනාවරණය කළේය.

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඹරගහවත්ත ඓතිහාසික ග්‍රාමයේ මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා තිබේ.2017 වර්ෂයේ දී පුරා විද්‍යා ස්ථානය නිදන් හොරුන්ට නතු වීම හේතුවෙන් පළමුවෙන් ස්ථානය හඳුනාගැනීම සිදුවන්නේ මහනුවර පුරාවිදයා කාර්යාලයෙනි.

අනුතුරුව කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකළ පර්යේෂණවල දී මෙම ස්ථානයේ අනුරාධපුර යුගයට (ක්‍රි.පූ. දෙවැනි සියවසට) අයත් භූමියක් යැයි අනුමාන කළ හැකි බව අනාවරණය කර ගෙන තිබේ.

"මේ ස්ථානයේ පබ්බත විහාර සංකීර්ණයක් පැවැති බවට අනුමාන කරන්න පුලුවන්. අඩි 400-500 ක පමණ විෂ්කම්භයකින් යුතු චෛත්‍යයක නටබුන් අපට හමුවුණා".

කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා එසේ සඳහන් කරමින් වැඩි දුරටත් අවධාරණය කර සිටියේ ලාංකීය පුරාවිද්‍යාවට එකතු නොවුණු දැනුම් සම්භාරයක් මෙහි ගැබ් වී ඇති බවයි. සිදුකරන ලද මූලික පරික්ෂණවලදී සුවිශේෂ ස්ථාන පහක් මේ වන විට කැණීම් සඳහා නම් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී, මධ්‍යම පළාත් භාර නඩත්තු කළමනාකරු ඩබ්ලිව්.එම්.යූ.බණ්ඩාර මහතා සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නාලන්ද කලාපය භාර පූජ්‍ය අමිත ස්වාමින් වහන්සේ ද අදහස් දැක්වූහ.

WhatsApp Image 2024 05 10 at 15.04.53 d25af421

WhatsApp Image 2024 05 10 at 15.04.25 38f1d10c

WhatsApp Image 2024 05 10 at 15.04.38 25cef2ca

Last modified on Friday, 10 May 2024 16:00

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us