මහ බැංකු අධිපති සහ අමෙරිකානු තානාපතිය අතර හමුවක් - අමෙරිකාවෙන් පොරොන්දුවකුත්

Published in පුවත්
Saturday, 11 May 2024 08:45

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් අතර හමුවක් සිදුව තිබේ.

අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ.

එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු තානාපතිවරිය පවසා ඇත්තේ එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවය.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය දක්වන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වෙත දැනුම් දුන් බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.

-P.M

Last modified on Saturday, 11 May 2024 08:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us