O/L ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය පිටකළ ගුරුවරයා අත්අඩංගුවට  

Published in පුවත්
Sunday, 12 May 2024 09:33

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) මහනුවර ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනකු සිටින බවටද මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පසුගිය 09 වනදා පැවති අතර කාලසටහනට අනුව ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබාදී තිබුණේ උදෑසන 8.30ට ය.

කෙසේවෙතත් මෙම සැකකාර ගුරුවරයා විසින් එම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය උදෑසන 9.11ට පමණ වට්ස්ඇප් සමූහ වෙත මුදාහැර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us