කොළඹ නගරයේ උෂ්ණත්ව පාලනයට වැඩපිළිවෙලක්

Published in පුවත්
Wednesday, 15 May 2024 09:01

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනය කිරීම උදෙසා  ව්‍යාපෘතියක්  කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කර තිබේ.

ඒ ඉන්ටලොක් ගල් වෙනුවට කුඩා ප්‍රමාණයේ පැළ සෑදීමේ ව්‍යාපෘතියකි.

කොළඹ නගර සභාවේ ඉඩම් හා පාරිසරික සංවර්ධන අංශයේ ඉංජිනේරු ඉන්දික පතිරණ පවසා සිටියේ ප්‍රධාන මාර්ග මධ්‍යයේ ඉන්ටර්ලොක් ගල් අතුරා තිබීමෙන් නගරයේ උෂ්ණත්වය අඩු වීමට ක්‍රමවේදයක් නොමැති බවය.

එමෙන්ම ශාක විශේෂඥ සුනිල් ගමගේ පෙන්වා දෙන්නේ ගස්වල කඳන් ආසන්නයටම ඉන්ටර්ලොක් ගල් ඇතිරීම ශාකවල ක්‍රියාවලියට හානිකර බවයි.

මේ හේතුවෙන් කොළඹ නගරයේ සංවර්ධනය කෙරෙන මංමාවත්වල ඉන්ටර්ලොක් ගල් ඇතිරීම අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ඉංජිනේරු ඉන්දික පැවසීය. කොළඹ ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ මංතීරු දෙක මැදින් ඉන්ටර්ලොක් ගල් වෙනුවට කුඩා ප්‍රමාණයේ පැළ සෑදීමට පියවර ගත් බවද හෙතෙම කීය.

මෙමගින් නගරයේ උෂ්ණත්වය තරමක් අඩු කිරීම සහ නගරය ආශ්‍රිත වායුගෝලයේ ගුණාත්මක බව වැඩි කිරීම අපේක්ෂා කරයි. එමෙන්ම කොළඹ නගරයේ පිහිටි ශාකවල කඳ ආසන්නයේ ඇති ඉන්ටර්ලොක් ගල් ඉවත් කිරීමටද කොළඹ නගර සභාව මේ දිනවල පියවර ගනිමින් සිටියි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us