හොරු රකින බවට චෝදනා ලද ආණ්ඩුව විසින් හොරු අල්ලන නව නීති රැසක් ගෙන එයි

Published in පුවත්
Wednesday, 15 May 2024 14:10

හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින්ම හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එහි දී ජනාධිපතිවරයා පවසා සිටියේ පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවයි.

ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බව පැවසීය.

හොරු අල්ලන්නට ගෙන ආ එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බව කී ජනාධිපතිවරයා එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පලපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින් අරඹා තිබෙන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමිනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us