විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා ගැන තීරණය මේ සතියේ

Published in පුවත්
Thursday, 16 May 2024 08:25

මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකාබලා අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීම සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් බිලියන 1.3 ක් පමණ වැය වන බව මේ වනවිට ගණන් බලා ඇති බවයි.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක වේ.

ඒ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලබා නොදීම හේතුවෙනි. ඒ අනුව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 15 වැනි දිනටයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත පැවසුවේ, ඊයේ දිනයේ සිට වැඩවර්ජනය දැඩි කිරීමට කටයුතු කළ බවයි.

අනධ්‍යන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යන සේවකයින්ගේ මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළහ.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනයට සහය පළ කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ තීරණය කළේ ය.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටලුව හැකි ඉක්මනින් විසඳා දෙන්නයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us