සජිත්ගෙයි අනුරගෙයි විවාදය දිනට රජයේ නිවාඩු දිනයක් ?

Published in පුවත්
Thursday, 16 May 2024 09:57

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

එහෙත් ඔහු පෙන්වාදෙන්නේ අදාළ විවාදය පැවැත්වීම සඳහා එම දෙපාර්ශවයටම උනන්දුවක් නොමැති බවය.

"අද ප්‍රධාන අනිත් අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා අර විවාදය තියන්න. මොකද මේ විවාදයට දෙන්නම හැංඟෙන ගතියක් පේන්න තියෙනවා. මම ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමකුත් කරා රජයේ නිවාඩු දිනයක් නම් කරලා, මේ විවාදය ලංකාවේ මිනිස්සුන්ට බලන්න කියන්න. මේ දෙන්නාගේ විවාදය බලලා රට හදන හැටි. මොකද අභියෝග භාරගන්න බැරි මිනිස්සු කොහොමද රට හදන්නේ කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනේ. මේක තනිකර ගේමක් යන්නේ. දෙපැත්තම දන්නවා මේක කරගන්න බෑ කියලා. එක්කෙනෙක් බර සිංහලෙන් කතා කරයි. අනෙක් කෙනා බර ඉංග්‍රීසියෙන් කතා කරයි. දෙන්නට දෙන්නා කතා කරපු එක තේරෙන්නේ නැති වෙයි. අපි කරුණාකරලා ඉල්ලනවා කයිවාරුවෙන් නෙමෙයි ක්‍රියාවෙන් කරලා පෙන්වන්න."

මේ අතර ඉදිරියේදී පළමුව පවත්වනුයේ ජනාධිපතිවරණයක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us