සියලු වෘත්තිය ගැටලු විසඳනවා. නමුත් වැටුප් වැඩිකරන්න බැහැ - අමරවීර

Published in පුවත්
Thursday, 16 May 2024 13:47

මෙම වර්ෂයේ ඉදිරි කාලය තුළ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

සත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග ඊයේ (15) දිනය තුළ අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡා කළේය.

එම වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටළු රැසකට විසදුම් ලබා දීමට එකඟත්වය පළ විය. මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස සියලු වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කළේය.

ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා මෙම වසර තුළ නැවතත් කිසිදු අයුරකින් රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් ලබා දීමේ හැකියාවක් රජයට නොමැති බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමන් පසුගිය සදුදා පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත්, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් සිදු කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී අපි අමාත්‍යවරුන් වශයෙන් ගරු ජනාධිපතිතුමන්ගෙන් මේ සම්බන්ධව විමසීමක් කළා. සෑම අමාත්‍යාංශයකම සිටින විවිධ වෘත්තිය කණ්ඩායම් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිමින් අපිට ලිපි එවනවා. එමනිසා මේ සම්බන්ධව පැහැදිළි කරන ලෙස අමාත්‍ය මණ්ඩලය හැටියට අපි ගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලිමක් කළා.

මෙම වසරේ දී රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දුන් බැවින් නැවත වැටුප් වැඩිවීමක් කළ නොහැකියි. එසේ වුවහොත් සමස්ත රාජ්‍ය සේවයම පමණක් නොව රටේ ආර්ථිකය නැවතත් කඩා වැටෙනවා. තෝරාගත් පිරිසකට පමණක් වැටුප් වැඩි වීමක් ලබා දීම සිදු කළ නොහැකියි.

අපේ ආර්ථිකය තවමත් ස්ථාවර නැහැ. ඒ නිසා අපිට ඉදිරි කාලය ජය ගන්න නම් බොහෝ අපහසුතාවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. නමුත් ලබන වසරේ දී නැවත වැටුප් වැඩි වීමක් ලබා දීමට හැකි බව ජනාධිපති තුමා සඳහන් කළා. එමනිසා අනෙකුත් සියලු වෘත්තිය ගැටළු අපි විසඳුම් ලබා දෙනවා. නමුත් මෙම මුල්‍ය අර්බුදය නිසා ඇතිව තිබෙන තත්ත්වය මත වැටුප් වැඩිවීමක් ලබා දීමට නොහැකිවීම ගැන අපේ කණගාටුව ප්‍රකාශ කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.


- දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us