හමුදාව අඩු කරන්න යයි  

Published in පුවත්
Thursday, 16 May 2024 15:08

2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

ඔහු පවසන්නේ යුද කාලයෙන් පසු වත්මන් සහ අනාගත තර්ජන පිළිබඳ සැලකිල්ලට ගෙන මෙරටට ගැලපෙන පරිදි යුද්ධ හමුදාවක් සකස් කිරීම රජයේ අරමුණ බවයි.

ඒ අනුව කිසිම කෙනෙකු ඉවත් කරන්න බලාපොරොත්තු නොවන අතර ස්වභාවිකව හමුදාවේ අඩුවීම ගණනය කර 2030 වන විට ලක්ෂයක ප්‍රමාණයක යුද හමුදාවක් තබා ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් නොවූ පුද්ගලයින් හට නීත්‍යානුකූලව ඉන් ඉවත්වීමට පොදු සමා කාලය මේ මස 20 වනදා දක්වා පවතින අතර දැනට 15,000ක් පමණ පොදු සමාව ලබා ගැනීමට ඉදිරිපත් වී තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමාට දුන් තොරතුරුවල සඳහන් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළහ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us