කටු මැටි නිවසේ දිවි ගෙවූ තුන් නිවුන් දරු මවට කඩිනමින් නිවසක්

Published in පුවත්
Friday, 17 May 2024 09:07

තුන් නිවුන් දරු උපතක් බිහි කළ හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි ගැසූ නිවෙසක ජීවත් වන ගිහානි සුපේෂලා කුමාරිට කඩිනමින් නිවෙසක් සාදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

එම අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චිට ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ (16) උදෑසන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අදාළ පවුල ජීවත්වන නිවෙස සම්බන්ධයෙන් පළව තිබූ ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු වීමෙන් පසුවයි.

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති  පවසන්නේ මෙම පවුලට ස්ථිර නිවෙසක් ලබා දීමට කටයුතු කරන බවයි. දැනටමත් ඊට අදළ තොරතුරු වාර්තා ලබා දෙන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරුට උපදෙස් ලබා දී ඇතැයි ද සභාපතිවරයා කියයි.

තුන් නිවුන් දරු උපතක් බිහි කළ මව සහ ඔහුගේ සැමියා ඇතුළු දරුවන් හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජීවත් වන අතර රාත්‍රිය ගසක් උඩ පැලක ජීවත් වන බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us