ජනපති ඉන්දුනීසියාවට

Published in පුවත්
Saturday, 18 May 2024 08:51

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) දිවයිනෙන් පිටත්ව ගියේය.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ අද සිට මැයි 20 වන දින දක්වා ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදුකිරීමට කිරීමට නියමිතව තිබේ.

 සිය නිල සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, අද ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ, ජගත් ජල සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ය.

සමුළුව හෙට සිට ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙයි. 

හිටපු ජනාධිපතිනිය එම සමුළුවට සහභාගී වන්නේ, ඉන්දුනීසියා රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනයකට අනුවයි.

-P.M

Last modified on Saturday, 18 May 2024 09:39

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us