'අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු', බුද්ධ රශ්මි වෙසක් කලාපය මෙවරත් උත්කර්ෂවත්ව

Published in පුවත්
Sunday, 19 May 2024 13:50

කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරන බුද්ධරශ්මි වෙසක් කලාපය මැයි 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා කරයි. 

“අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච” (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටතේ සංවිධානය කර තිබෙන මෙම වෙසක් කලාපය මහා වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, තොවිල් සහ දෙවොල්මඩු, ශාන්තිකර්ම, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන, විරිදු ගායනා, විදුලි පහන් අලංකරණය සහ සංස්කෘතිකාංග රැසකින් මෙවර වෙසක් කලාපය සමන්විතවේ.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල බත් දන්සල සහ බිස්කට්, තේ පැන් දන්සල මැයි 23,24 සහ 25 යන දිනවල රාත්‍රී 7.00 සිට පැවැත් වේ.

මැයි 23,24 සහ 25 යන දිනවලදී ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී, ෂැංග්‍රිලා හරිත භූමියේ දී සහ ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිත වෙසක් කලාපයේ දී බොදු බැති ගී ප්‍රසංගයක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා පොලීසියේ භක්ති ගීත කණ්ඩායම් විසින් එය ඉදිරිපත් කරනු ලබයි.

බාලදක්ෂ මාවත හා බේරේ වැව ආශ්‍රිත බිම්තීරයේ “චුල්ල ධර්මපාල” ජාතකය නිරූපණය කරන වෙසක් තොරණ සහ දර්ශනීය පහන්කූඩු මැයි 23,24 සහ 25 යන තෙදින ප්‍රදර්ශනය කෙරෙන අතර මැයි 23 වනදා ප.ව 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් එය විවෘත කිරීමට නියමිතය.


ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිතව ඉදිවන “මඝ මානවක” ජාතකය නිරූපණය කරන වෙසක් තොරණ මැයි 23,24,25 සහ 26 දිනයන්හිදී ප්‍රදර්ශනය කෙරේ.
පාසල් දරුවන්, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල්, තාක්ෂණ විද්‍යාල නියෝජනය කරමින් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන “සතිමත් භාවය” පිළිබඳ වැඩසටහන හෙට (20) පෙ.ව 7.30ට කොළඹ, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ.


Last modified on Sunday, 19 May 2024 14:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us