වැස්ස අඩුවන දවස ගැන දැනුම් දීමක්

Published in පුවත්
Sunday, 19 May 2024 16:46

අද දහවල් 12.00න් පසු නැවත දැනුම්දෙන තුරු කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා යොමුවීමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මුහුදු ආශ්‍රිත පවතින කාලගුණ විපර්යාස සැලකිල්ලට ගනිමින් එම දැනුම්දීම සිදුකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේය.

මේ අතර ගතවූ පැය 24 තුළ මිලිමීටර් 212.5ක වැඩිම වර්ෂාපතනය වාර්තාවුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි.

ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ සෑම පළාතකටම දැඩි වැසි ඇදහැලෙමින් පවතී.

බස්නාහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇදහැලුණු අතර සබරගමුව, දකුණු, මධ්‍යම හා උතුර පළාත්වලට මිලිමීටර 100 ඉක්මවා වැසි ඇදහැලුණි.

උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටද මේ වන විට වැසි ඇද හැලෙමින් පවතී.

මේ අතර අධික වර්ෂාවත් සමඟ රාජාංගණය, අංගමුව සහ උල්හිටිය යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට ඊයේ (18) පස්වරුවේ පියවර ගැනුණි.

මේ අතර බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ දිවයිනේ පළාත් රැසකට දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

මේ අතර පවතින වැසි තත්ත්වය අඟහරුවාදායින් පසුව අඩුවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us