මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි

Published in පුවත්
Sunday, 19 May 2024 17:22

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එරෙහිව එවැනි “සත්‍ය නොවන, නොපැහැදිලි සහ පක්ෂග්‍රාහී” වාර්තාවක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාට කිසිඳු සාමාජිකයෙකු විසින් නියම කරනු ලැබ නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ක ගතවන දිනට පෙරදින මෙම වාර්තාව නිකුත් කිරීම සම්බන්ධයෙන්ද විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රශ්න කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගිය 17 වැනිදා "බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම" යන තේමාව යටතේ පිටු 45 ක වාර්තාවක් නිකුත් කළේය.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනාව දේශපාලනීකරණය වී ඇති බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාව නිකුත් කළ අකාරයෙන් පෙනී යන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.

මෙවැනි වාර්තාවක් නිකුත් කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොතිබියදී මෙම වාර්තාව නිකුත් කිරීමේ අරමුණ කුමක්දැයි ප්‍රශ්න කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති හිමාලි අරුණතිලක මහත්මිය මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා වෙත ලිපියක් යොමු කරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇය අනෙකුත් සාමාජික රාජ්‍යයන් සමඟ ද කතා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

(සන්ඩේ ටයිම්ස්)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us