සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින්ගේ රැකියා අවදානමේ

Published in පුවත්
Monday, 20 May 2024 09:20

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන්ව පොදු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට අනුමත කර තිබේ.

එම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්‍යවසායක් බවට පරිවර්ථනය කිරීමේ දී එහි සේවකයින් 650කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

කෙසේවෙතත් දැනට සිටින සේවකයින්ගෙන් 200ක් පමණ රජය සතු නව ව්‍යවසාය සඳහා බඳවා ගැනීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.

ඉතිරි කම්කරුවන් සංචිතයකට යොමු කරන අතර එයින් රජය සතු නව ව්‍යවසාය තුළින් මෙහෙයුම් පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිස් තෝරා ගනු ඇත.

කෙසේවෙතත් පිරිපහදුවේ පැරණි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා පවතින ආයෝජන අවශ්‍යතාව මත ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන්ව පොදු ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යෑමට මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අවම වශයෙන් තවත් වසර 25ක් සඳහා පිරිපහදුවේ මෙහෙයෙම් කාර්යක්ෂමතාව සහ ශක්‍යතාව තහවුරු කිරීම මෙහි ඉලක්කය වේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට රැගෙන යාමට සැලසුම් කර ඇති අතර ඉදිරි මෙහෙයුම් සඳහා නවීකරණය කරන ලද නවීන පහසුකම් සහිත තෙල් ටැංකි සංකීර්ණයක් පුළුල් කිරීම ඉදිරියේ දී සිදුකෙරුණු ඇත.

 -P.M

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us