රජයට ණය මහා පරිමාණ මත්පැන් සමාගම් ගැන මුදල් අමාත්‍යංශයෙන් හෙළිදරව්වක්

Published in පුවත්
Monday, 20 May 2024 11:25

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට ඉහතදී සුරාබදු නොගෙවූ මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් කීපයකම සුරා බලපත්‍ර අත්හිටවූ අතර පසුව එම සමාගම් හිග බදු මුදල් ගෙවා නැවත බලපත්‍ර ලබා ගත් බව ද මුදල් අමාත්‍යාංශය කියයි.

කෙසේ වෙතත් එම හිඟ මුදල් ගෙවීමෙන් පසුව නැවතත් මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් රුපියල් කෝටි හත්සීයක සුරා බදු පොල්ලක් නැවත තබා ඇතැයි ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹදී ඉකුත් දා සංවිධානය කර තිබූ ආර්ථිකය දේශපාලනය අද රට හා හෙට යන මැයෙන් වූ විද්වත් කථිකාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ සුරා බදු නිලධාරීන් මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අය කර ගැනීමේ දී විශාල අක්‍රමිකතා සිදුවන බවය.

එම නිසා සුරා බදු අය කර ගැනීම විධිමත් කිරීමට නම් සුරාබදූ දෙපාර්තමේන්තුවට ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් මීට ඉහත දී මත්පැන් බෝතල් මත අල වන ස්ටිකර් සම්බන්ධයෙන් ද විශාල වංචනික ක්‍රියාවල යෙදුණු බව ද ඔහු සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us