වැස්ස නිසා ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවධානමක්. දන්සල් යන්නේ ප්‍රවේශමෙන්!

Published in පුවත්
Monday, 20 May 2024 14:05

වැස්සත් සමග පාචන රෝගය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවධානම නිසා ඉදිරි දිනවලදී පවත්වන ලද බීම දන්සල්වලදී පිරිසිදු ජලය භාවිත කරන ලෙස එම සංගමයේ සභාපති ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් සභාපතිවරයා පෙන්වා දෙන්නේ වෙනත් වසරවල හා සැසඳීමේදී මෙවර දන්සල් ලියාපදිංචි කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බවය
එමෙන්ම කොළඹ මහ නගර සභා සීමාවේ දන්සල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 47ක් යොදවන බව කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීකෂක සමන්ත කුමාර පවසයි.

මේ වන විට දන්සැල් 200කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර වෙසක් පෝය දිනට පෙර දින දක්වාම සෑම දන්සලක්ම ලියාපදිංචි කිරීම් සිදු කරන බවද හෙතෙම කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us