ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක්   Featured

Published in පුවත්
Tuesday, 21 May 2024 16:21

මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය තුළින් පාරිභෝගිකයින්ට මූල්‍ය වංචාවලින් සහ මූල්‍ය අපයෝජනවලින් ආරක්ෂා වීමට අවස්ථාව සැලසෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්. ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය (ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය Link ) එළි දැක්වීම අද සිදු කෙරුණා.ඒ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන්.

 

 

එහි දී අදහස් දැක් වූ මහ බැංකු අධිපතිවරයා ''මූල්‍ය සාක්ෂරතාව මගින් මූල්‍ය ආයතන අප නියාමනය කිරීම වෙනුවට එම ආයතනවලින් අවශ්‍ය සේවා විනිවිදභාවයෙන් යුතුව සහ කාර්යක්ෂමව ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින්ට ප්‍රවේශය සැලසෙනවා. මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය තුළින් පාරිභෝගිකයින්ට තමන්ව මූල්‍ය වංචාවලින් සහ මූල්‍ය අපයෝජනවලින් ආරක්ෂා කරගැනීමට අවස්ථාව ලැබෙනවා. මූල්‍ය සේවාවලට ප්‍රවේශය සැලසීම තුළින් ජනතාවට අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමටත්, ආයෝජන අවස්ථා වෙත ප්‍රවේශයටත්, ඔවුන්ගේ මූල්‍ය කටයුතු යහපත්ව කළමනාකරණය කිරීමටත් හැකියාව ලැබෙනු ඇති. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මගින් ප්‍රතිපත්ති සම්පාදකයින්ට මග පෙන්වනවා විතරක් නෙමෙයි, එමගින් අපේ සහෝදර ශ්‍රී ලාංකිකයින්ට යහපත් සහ මූල්‍ය වශයෙන් ශක්තිමත් අනාගතයකට මග පෙන්වනවා. මූල්‍ය සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ රජය සමග තවදුරටත් එක්ව කටයුතු කිරීමට සූදානම් බව මම අවධාරණය කරන්න කැමතියි.''

Last modified on Tuesday, 21 May 2024 16:26

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us