හෙල්ල විසිකිරීමේන් සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

Published in පුවත්
Wednesday, 22 May 2024 07:18

ජපානයේ කොබේහි පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දණහිසෙන් පහළ ආබාධිත (F44) කාණ්ඩයෙන් හෙල්ල විසිකළ සමිත දුලාන් ලෝක වාර්තාවක් සමඟ එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඊයේ සමත් විය.

සමිත පසුගිය ඔලිම්පික් උලෙළේදී ද හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන දුන්නේය.

සමිත තම පළමු උත්සාහයේදීම මීටර් 66.49ක දුරක් හෙල්ල විසි කිරීමෙන් මේ ලෝක වාර්තාව බිහි කළේය. මෙහි පැරණි වාර්තාව ඔස්ට්‍රේලියාවේ මිචල් බ්‍රියන් මීටර් 66.29කින් ජපානයේ ටෝකියෝ නුවරදී 2021 වසරේදී පිහිටුවා තිබිණි. මෙහි පළමු ස්ථානය ඉන්දීය ක්‍රීඩක සුමිට් අන්ටිල් මීටර් 69.50කින් දිනාගත් අතර, ලෝකඩ පදක්කම මීටර් 60.41කින් ඉන්දීය ක්‍රීඩක සන්දීප් දිනා ගත්තේය.

මේ ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ T44 කාණ්ඩයෙන් මීටර් 100 තරගයට පෙරේදා එක්වූ ඉන්දික ගමගේ එහි ලෝකඩ පදක්කම දිනාගත් හෙයින් මේ වන විට ශ්‍රී ලංකා නාමය ඉදිරියේ පදක්කම් දෙකක් සටහන්වී ඇත. මේ 24 වැනිදා පැවැත්වෙන F46 කාණ්ඩයේ හෙල්ල වීසි කිරීමේ තරගයට දිනේෂ් ප්‍රියන්ත සහභාගි වන අතර, එදිනම ජනනි ධනංජනා දුර පැනීම ඉසව්වට, ප්‍රදීප් සෝමසිරි F42 කාණ්ඩයේ කවපෙත්ත වීසිකිරීමේ ඉසව්වට හා මීටර් 1500 ඉසව්වට සහභාගී වෙති. 25 වැනිදා ජනනි ධනංජනා T46 කාණ්ඩයෙන් මීටර් 200 තරගයට ද සහභාගිවීමට නියමිතය.

-P.M

Last modified on Wednesday, 22 May 2024 09:44

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us