සජිත්ට කිසි දැක්මක් නැහැ - රනිලුයි සජිතුයි කියන්නේ අහසයි පොළවයි වගේ ! මුල්කිරිගල සජබ සංවිධායක එජාපට එක්වෙමින් කියයි Featured

Published in පුවත්
Wednesday, 22 May 2024 10:02

මුල්කිරිගල ආසනයේ සජබ සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කෝ නැවතත් එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති හමුවකදී නිමල් ෆ්‍රැන්සිස්කෝ මහතා එජාපයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

“මම නැවතත් එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නට තීරණය කළා. අපේ පක්ෂය දෙකට කැඩීමත් එක්ක තමයි අපි වෙන් වෙලා ගියේ කියන එක මතක් කළ යුතුයි. මගේ පියා මුල්කිරිගල ආසනයේ සංවිධායකවරයා විදිහට අවුරුදු විසි ගාණක් ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් තේරී පත් වුණා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ පිළිබඳ අප හොඳින් අධ්‍යයනය කළා. හොඳින් විමසීම් කළා. අප දුටුවා මේ රට හොඳින් ඉදිරියට යන ආකාරය. මේ රටේ ආර්ථිකය ගොඩනැඟුවේ කොහොමද කියලා අප දැක්කා. එනිසා නැවතත් අප එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න මම තීරණය කළා. සමගි ජන බලවේගයේ නායකතුමාට කිසිදු දැක්මක් නැති බව එතුමත් එක්ක ඉද්දි අපට වැටහුණා. ඒ කාලය තුළම අප දැක්කා එතුමාගේ දේශපාලන දර්ශනය කුමක් ද කියලා. සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා සංසන්දනය කළොත් ඔවුන් දෙන්නා අහසයි පොළොවයි වගේ. ”

නිමල් ෆ්‍රැන්සිස්කො මහතා එක්සත් ජාතික පක්ෂය හා එක්වෙමින් එසේ අදහස් දැක්විය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us