බුදු දහම විකෘති කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම්

Published in පුවත්
Thursday, 23 May 2024 11:38

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න්නන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­තිරණ  පැව­සීය.

ඔහු පවසා සිටින්නේ මේ දින­වල ශ්‍රී සද්ධ­ර්මය විකෘති කර­මින් විවිධ පාර්ශ්ව­යන් විසින් කරනු ලබන ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් මහා නායක ස්වාමීන් වහ­න්සේලා විසින් ජනා­ධි­ප­ති­ව­රයා වෙත කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව එම ධර්මය විකෘති කර­න්නන් සම්බ­න්ධ­යෙන් දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කර­න බවයි. 

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා  පවසා සිටියේ.

'' මේ වන විටත් මහා නායක ස්වාමීන් වහ­න්සේ­ලාගේ අනු­ශා­සනා පරිදි දැනට ක්‍රියා­ත්ම­කව පව­තින විහාර දේවා­ල­ගම් පනත වහාම ක්‍රියා­ත්මක වන පරිදි සංශෝ­ධ­නය කිරී­මට අවශ්‍ය මූලික කට­යුතු සිදු­කර ඒ සඳහා නීති කෙටු­ම්පත් සම්පා­දක වෙත දැන­ට­මත් යවා තිබෙ­නවා. ඒ තුළින් අපේක්ෂා කරන්නේ ශ්‍රී සද්ධ­ර්මය විකෘති කරන යම් යම් පාර්ශ්ව­යන් වෙත එම විකෘති කිරී­මට එරෙ­හිව නීතිය මගින් ක්‍රියා­ත්මක කිරීම සඳහා මේ වන විට නීති ප්‍රමා­ණ­වත් නොවන බැවින් ඒ සඳහා වන අවශ්‍ය මූලික නීතිය සකස් කර ගැනී­මයි. ඒ තුළින් නිර්මල ථෙර­වාදී බුදු දහම තවත් සිය­වස් ගණ­නා­වක් ලෝකය තුළ පැව­තීම සඳහා අවශ්‍ය පරි­ස­රය සකස් වෙනවා.

ත්‍රෙයි­නි­කා­යික මහා­නා­යක ස්වාමීන් වහ­න්සේ­ලාගේ අනු­ශා­සනා පරිදී දැනට ධර්මය විකෘති කර­න්නන් පිළි­බ­ඳව නීති­මය පිය­වර ගැනීම සඳහා ත්‍රිපි­ට­කය හා බෞද්ධ සාහිත්‍ය සම්බන්ධ තොර­තුරු ජන­ගත කිරීම සඳහා ක්ෂේත්‍රය සම්බ­න්ධ­යෙන් විද්ව­තු­න්ගෙන් සම­න්විත මණ්ඩ­ල­යක් මේ වන විටත් අමා­ත්‍යාං­ශය පත්කර තිබෙ­නවා. ආචාර්ය අකු­රැ­ටියේ නන්ද ස්වාමීන් වහන්සේ, මහා­චාර්ය මාව­ත­ගම පේමා­නන්ද ස්වාමීන් වහ­න්සේලා ඇතුළු තවත් ස්වාමීන් වහ­න්සේලා එයට ඇතු­ළත්.

ඒ වගේම පුරා­වි­ද්‍යාව හා ඵෙති­හා­සික සාධක සම්බ­න්ධ­යෙන් කරන විකෘ­තින්, ප්‍රකා­ශ­යන් නිවැ­රදි නොවන බවට පෙන්වා දීමට පුරා­වි­ද්‍යා­ඥ­ය­න්ගෙන් හා ඉති­හා­ස­ඥ­යි­න්ගෙන් සම­න්විත කමි­ටු­වක් කට­යුතු කර­මින් තිබෙ­නවා. පුරා විද්‍යා චක්‍ර­වර්තී එල්ලා­වල මේධා­නන්ද ස්වාමීන් වහ­න්සේගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් කමි­ටු­වක් පත් කර තිබෙ­නවා. මේ සඳහා පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාද සම්බ­න්ධයි. එමෙන් සිවුරු දරා­ගෙන ධර්මය විකෘති කරන ස්වාමීන් වහ­න්සේලා සම්බ­න්ධ­යෙන්ද ක්‍රියා කිරීම සඳහා දැන­ට­මත් අමා­ත්‍යාං­ශය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අර­ගෙන තිබෙ­නවා.'' යනුවෙනි.

 
 
 
 
Last modified on Thursday, 23 May 2024 11:43

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us