දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 36,900ක්

Published in පුවත්
Thursday, 23 May 2024 11:56

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ පාරිභෝගිකයින් 300,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව විදුලි පාරිභෝගිකයන් ලක්ෂ තුනකට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර එක්ස් ගිණුමේ පණිවුඩයක් තබමින් සඳහන් කර තිබේ.

ඒ අනුව විදුලි බිද වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බවත් අදාළ ස්ථානවලට ඉදිරි පැය 24 තුළ විදුලිය සැපයීම යථා තත්ත්වයට පත්කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

විදුලි බිඳ වැටීම් පිළිබඳව දැනුවත් කිරිමට ඇති 1987 අංකයට සම්බන්ද වීමට නොහැකි පාරිභෝගිකයන්ට SMS සේවය මගින් 1987ට BD සමග විදුලි පාරිභෝගික අංකය මගින් බිඳ වැටීම් දැනුවත් කිරීමටත් CEB Care යෙදුම මගින් හෝ cebcare.ceb.lk වෙබ් පිටුටව පිවිස දැනුවත් කල හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us