වසර පහකට පසු වෙසක් සැරසිලි සඳහා ඉහළම ඉල්ලුම මෙවර Featured

Published in පුවත්
Thursday, 23 May 2024 12:28

වසර පහකට පසු වෙසක් සැරසිලි සඳහා ඉහළම ඉල්ලුම මෙවර සිදුවූ බවත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදනවලින් අතිබහුතරයක් ඊයේ (22දා) වන විට අළෙවි වී තිබූ බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාර සමග එම වසරේදී වෙසක් සැරසිලි අළෙවි වීම විශාල ලෙස අඩු වූ බවත් ඉන්පසුව 2020 හා 2021වසරවල ඇති වූකොවිඩ් තත්ත්වය නිසා හා 2022 සහ 2023 වසරවලදී ඇති වූආර්ථික අර්බුදය නිසා වෙසක් සැරසිලි අළෙවිය විශාල ලෙස අඩු වූ බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

ආර්ථික අර්බුදය නිසා 2022 හා 2023 වසරවල සව්කොළ, වෙසක් කූඩු, බෞද්ධ කොඩි හා විවිධ බල්බ් වර්ග ඇතුළු වෙසක් සැරසිලිවල මිල පවා විශාල ලෙස ඉහළ ගිය බවත් එහෙත් මෙවර මෙම සියලුම ද්‍රව්‍යවල මිල සැලකිය යුතු මුදලකින් අඩු වී තිබූ බවද පවසා සිටියේය.

වෙසක් තොරණ සැලකීමේදී මෙවර තුන්සියය ඉක්ම වූ වෙසක් තොරණ ප්‍රමාණයක් ඉදිකර තිබෙන බවත් මේ හරහාත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ආදායම් ප්‍රමාණයක් හිමිව තිබෙන බවද සඳහන් කළේය.

ada

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us