රැකියා විරහිත තරුණියන්ට මෙම වසරේ රැකියා අවස්ථා -ජනපතිගෙන් පොරොන්දුවක්

Published in පුවත්
Sunday, 26 May 2024 09:12

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ බව කියා සිටියේය.

ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ,

"පසුගිය වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමකට ලක්වුණා. එහිදී ජනතාව විශාල ලෙස දුක් පීඩාවට ලක්වුණා. වර්තමානය වන විට රට බංකොලොත්භාවයෙන් මිදෙමින් තිබෙනවා. රට බංකොලොත්භාවයෙන් ඉවත් වූවායින් පසුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් ආර්ථික පරිවර්තන නීති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. එමඟින් අපනයනය පදනම් කරගත් ආර්ථිකයකට පරිවර්තනය වීමට අප බලාපොරොත්තු වෙනවා. වියට්නාමය, මැලේසියාව, තායිලන්තය වැනි අපනයනය පදනම් වූ ආර්ථිකයක් මෙරට ද ගොඩනැඟිය යුතුයි."

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us