ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Published in පුවත්
Monday, 27 May 2024 07:56

2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අද (27)සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, ලබන මස 14 වැනිදා දක්වා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බවයි.

ජුනි 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12 ට මාර්ගගත ප්‍රවේශය වසා තබන බවත් , කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගැනුම ලබන සිසුන්ට පමණක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්විය හැකි බවයි.

මේ අතර, 2025 ජනවාරි 31 වැනි දිනට වයස අවුරුදු 11ට අඩු, අඩු ආදායම් සහිත සිසුන් ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන බවද ඔහු සඳහන් කළේ ය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අයැදුම් කිරීමට අදාළ උපදෙස් www.onlineexams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන්, ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇතැයිද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන සැප්තැම්බර් 15 වැනි ඉරුදින පැවැත්වීමට නියමිතයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us