ගංඟා කිහිපයක ජල මට්ටම් තරමක් පහළ යමින් -තවත් ගංගා කිහිපයක අවදානම තවදුරටත්

Published in පුවත්
Monday, 27 May 2024 08:28

බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

මේ අතර ගංඟා වල ජල මට්ටම් තරමක් පහළ යමින් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත්, කැලණි, කළු සහ නිල්වලා ගංඟා මෙන්ම අත්තනගලු ඔය ඇතැම් ප්‍රදේශ වලින් තවදුරටත් අවදානම් ය.

එම හේතුවෙන් දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම, තවදුරටත් බලාත්මකයි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර, එම දිස්ත්‍රික්ක වෙයි.

මේ අතර අධික වැසි හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් 1694 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 13 ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, වර්ෂාවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 176 ක පුද්ගලයින් 43,428 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

වැසි සහිත අවස්ථාවලදි ගස් යට රැඳී සිටීමෙන් සහ ගස් යට වාහන නතර කිරීමෙන් වළකින්නැයි ද ඔහු ජනතාවට දැනුම් දෙයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us