එළවලු මිල ගණන් යළිත් ඉහළට

Published in පුවත්
Monday, 27 May 2024 17:40

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

ඔවුන් සදහන් කරන්නේ කැරට්, බොංචි, ගෝවා, අමු මිරිස් ඇතුලු එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවය.

සාමාන්‍ය වෙළෙඳපොළේ බොංචි රුපියල් 890 කටත්, කැරට් රුපියල් 360 ක පමණ මිලකටත්, ගෝවා රුපියල් 240 කටත්, තක්කාලි රුපියල් 240 කටත්, සලාද කොල රුපියල් 1700 කටත්, වම්බටු 400 කටත්, ලීක්ස් 350 කටත්” කරිවිල 630 කටත්, වැටකොලු 400 කටත්, දඹල 650 කටත් අමුමිරිස් රුපියල් 500කටත් ආදී ලෙස කිලෝවක් සිල්ලරට අලෙවි වී තිබිණ.

කොළඹ මැනිං වෙළදපොලේ තොගමිල බොංචි රුපියල් 600කටත්, කැරට් රුපියල් 170කටත්, ගෝවා රුපියල් 80කටත්, තක්කාලි රුපියල් 130 කටත්, වම්බටු රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල 100 කටත්, අමුමිරිස් රුපියල් 200 කටත් කිලෝව සිල්ලරට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.

මේ අතර වෙළඳපොලේ දෙහි සහ අමු ඉඟුරු මිළ තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව වෙළඳපොලේ දෙහි කිලෝවක මිල රුපියල් 2000 කටත්, අමු ඉගුරු කිලෝවක මිල රුපියල් 3800ත් 4200 ත් අතර අධික මිලක පවතින බවත් පාරිභෝගිකයෝ සඳහන් කරති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us