වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදීමට කටයුතු කරනවා - මනූෂ

Published in පුවත්
Tuesday, 28 May 2024 22:52

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

“ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙසේද පැවසීය.


''උත්සව සමරන්න ජනතාවට මානසික නිදහසක් නැති බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් වෙසක්, පොසොන් පමණක් නෙවෙයි ඇසළ වගේම නත්තල සැමරීමටත් අවශ්‍ය වාතාවරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් නිර්මාණය කර තිබෙන බව සඳහන් කළ යුතුයි. මේ සම්න්ධයෙන් චෝදනා කරන අයට පසුගිය වසරක කාලය හා සසඳන ලෙස මා ආරාධනා කරනවා. ජනතාවගේ නැති වෙලා තිබුණු මානසික නිදහස මේ වන විට නැවත ඇති කරලා තියෙනවා.

රජයට චෝදනා කරන කිසිවෙකුටත් තවමත් නිෂ්චිත ආර්ථික වැඩපිළිවෙළක් නැහැ. එවැනි වැඩපිළිවෙළක් ඇත්නම් රට හමුවේ කරුණු ඉදිරිපත් කරන්න. අප දැනටමත් රට හමුවේ කියූ දේ ප්‍රායෝගිකව සිදු කරමින් සිටිනවා. අස්වැසුම සහ උරුමය වැනි වැඩසටහන් මඟින් ජනතාවට සහන ලබා දෙමින් සිටිනවා.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ හිටියත් මීට පෙර ජනාධිපති ධූරයේ කටයුතු කර නැහැ. මෙවර ඔහු පත්වූ පළමු අවස්ථාවේ සිටම රටේ විශාල පරිවර්තනයක් සිදු කළා. 25% ක පමණ මට්ටමක පැවති බැංකු පොළිය අද වන විට 12% සිට 08% දක්වා අඩු කර තිබෙනවා.

ඒ වගේම දූෂණ විරෝධී පනත, මැතිවරණ වියදම් නියාමන පනත සහ වත්කම් බැරකම් පනතට සංශෝධන ගෙනවිත් තිබෙනවා. එමෙන්ම ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. මේ සියල්ල හරහා රට ගොඩනඟනවා වගේම, සොරකම් කිරීම අවසන් කිරීමටත් පියවර ගන්නවා.

තව ද විවිධ කර්මාන්තවල යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලුම ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. “ගරුසරු” වැඩසහනට සමගාමීව සැලසුම් කෙරෙන මෙම ක්‍රියාවලියේ නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම අප රජය වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. රජය විසින් නිවේදනය කරන ලද රුපියල් 1700ක දිනක වැටුප ගෙවීමට අපහසු යම් හාම්පුතෙකු සිටී නම් ඔවුන් විසින් බද්දට ගෙන ඇති රජයේ වතු නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරනවා. අනතුරුව පවරා ගන්නා ලද වතු දීර්ඝ කාලීන බදු පදනම මත ඒවා නිසි ලෙස කළමනාකරණය කළ හැකි පාර්ශ්වයන්ට ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා නීතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙනවා.''

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us