යල කන්නයේ වී වගා කරන්න ගොවියන්ට බිලියන 2.5ක්

Published in පුවත්
Wednesday, 29 May 2024 13:15

2024 යල කන්නයේ වී වගා කිරීමේ දී ගොවි ජනතාවට වගා සහනාධාර ලබා දීමට පියවර ගෙන තිබේ

ඒ අනුව රුපියල් බිලියන 2.5ක් මේ වන විට ගොවි ගිණුම් වලට බැර කිරීමට පියවර ගෙන ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසා සිටින අතර රුපියල් බිලියන 2.5කට අධික මුදලක් මේ වනවිටත් ගොවීන් 213,771ක් සඳහා ගොවි ගිණුම් ගත කර තිබේ.

මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් 450,000ක් පමණ වී වගා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර සියලුම වගා කරන කුඹුරු සඳහා ලබා දෙන මුල්‍ය සහනාධාරය රුපියල් බිලියන 7.5ක් පමණ වනු ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

2024 යල කන්නයේ වී වගා කරන සෑම ගොවියකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ලබා දීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මේ අතර බොහෝ ගොවීන් වී වගාවන්ට යුරියා පොහොර පමණක් යොදන බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔවුන් MOP හෙවත් බණ්ඩි පොහොර නොයෙදීම නිසා ගොයම් කරල් මෙන්ම වී ඇට ද සම්පූර්ණ නොවන බවත්, බන්ඩි පොහොර නොයෙදීම නිසා අස්වැන්න අඩු විය හැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us