කලක් වසා දමා යළි ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය බංගලාදේශයට

Published in පුවත්
Thursday, 30 May 2024 13:02

ශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කරනු ලැබීය.

මෙට්‍රික් ටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසි වලින් යුතු විය. අපනයනය කළ කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20000ක් පමණ බව ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා පැවසුවේ ය.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් 18දා ආරම්භ කරනු ලැබීය.

ජාතික කඩදාසි සංස්ථාවට අයත්ව තිබු ඇඹිලිපිටිය කඩදාසි කම්හල 2003 වසරේදි වසා දමා තිබුණා.

පසුව රජය සමග ඒකාබද්ධව ඇඹිලිපිටිය පේපර් මිල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් k S P A පැකේජිං පුද්ගලික සමාගම විසින් හය යළි සංවර්ධනය කර නව යන්ත්‍රසුත්‍ර ආදිය සවිකර මුලින්ම 70පට සහ 150පට ප්‍රමාණයේ කර්මාන්ත කඩදාසි නිෂ්පාදනය ආරම්භ කළා.

ඒ මෙරට අබලි කඩදාසි භාවිතා කරමින්.

දැනට පුද්ගලික සමාගමක් ලෙසක්‍රියාත්මක වන මෙයට රටවල් 12කින් අනවුම් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us