උතුරේ සංවර්ධනය සඳහා කැනඩාවේ සහාය

Published in පුවත්
Thursday, 30 May 2024 13:13

උතුරේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගීතාව ලබා දෙන බව කැනඩාව පවසනවා.

කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමුවේයි මේ බව පවසා තිබෙන්නේ.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ෂ් ,ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ක්‍රිස්ටෝෆර් මැක්ලෙනන් යන මහත්වරුන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදීයී.

පුනරුත්තාපන කටයුතු ,නැවත පදිංචිකිරීම් , බිම්බෝම්බ ඉවත් කිරීම , ඉඩම් නිදහස් කිරීම , අධ්‍යාපන සංවර්ධනය ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.

ජනාධිපතිවරයාගේ උතුරු පළාත් සංචාරයේදී රෝහල් සදහා නව ඒකක විවෘත කිරීම , ගුරුපත්වීම්ලබාදීම මෙන්ම ඉඩම් ඔප්පු ලබාදීම තුළින් උතුරු පළාත් ජනතාවට වඩා හොද අධ්‍යාපනයක් හා සෞඛ්‍ය සේවාවක් සහතික කර ඇති බව ආණ්ඩුකාරවරිය මෙහිදී පැවසුවා.

උතුරු පළාත් සංවර්ධනය සඳහා සහාය ලබා දෙන බවයි කැනඩා නියෝජිත පිරිස එහිදී අවධාරණය කළේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us