විදෙස් දුම්වැටි තොගයක් සමග ප්‍රබල දේශපාලන පක්ෂයක දේශපාලනඥයෙකු අත්අඩංගුවට

Published in පුවත්
Thursday, 30 May 2024 18:40

විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කළ වැටලීමකදී සැකකාර දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ප්‍රබල දේශපාලන පක්ෂයක් නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එහිදී ඔහු සන්තකයේ තිබී දුම්වැටි 6000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 5කට ආසන්න බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us