ගෝඨා යුගයේ යටගහපු නඩු 89 ක් යළි විභාගයට Featured

Published in පුවත්
Friday, 31 May 2024 08:44

ජනතාව බලාපොරොත්තු වූ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඉවත් කළ දූෂණ සහ අල්ලස් නඩු අසූ නවයක් නැවත විභාග කිරීම ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ පෙන්වා දෙයි.

දැන් ෆයිල් තියෙනවයි කියලා කෑගහන අයට මෙන්න මේවා හොඳ උදාහරණ කියන එක මතක් කර දෙන බවත් මෙරට ප්‍රථම වතාවට ඇමැතිවරයෙක් දැන් හිරගෙදර සිටින්නේ අධිකරණයට බලපෑමක් කරන රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක නොවෙන නිසා බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකි ජනාධිපතිවරයෙක් මෙතෙක් නොසිටි බව ද ආශු මාරසිංහ මහතා පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“වසර දෙකකට පෙරාතුව රට තිබූ තැනයි අද රට තිබෙන තැනයි අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි කාලගුණය කොතරම් හරස් වුවත් ජනතාව අවුරුදු උත්සව සහ වෙසක් උත්සවය සැමරූ ආකාරය. ජනතාව මේ වෙනස හොඳින් තේරුම්ගෙන තිබෙනවා. ඍණ මිලියන 895ක් වූ ප්‍රාථමික ගිණුමේ ශේෂය 2023 දෙසැම්බර් මස 31 වැනිදා වන විට ධන මිලියන 53ක් ලෙස සටහන් කර ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම මුළු ලෝකයම මේ සිදු වූ වෙනස ඉතාම සුබවාදී විදිහට දකිනවා, ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරනවා. නමුත් තවදුරටත් විපක්ෂය මේ දෙස අසුබවාදී කෝණයකින් බලන බව අපට පෙනෙනවා. විශේෂයෙන්ම සුබසාධන අවශ්‍යතා නිවැරදිව වටහාගෙන ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

පාසල් දරුවන්ට ආහාර වේලක් දීම පහළ ආර්ථික මට්ටම්වල සිටින අයට සහල් දීම, නැවත සුරක්ෂා රක්ෂණය ආරම්භ කිරීම, බැංකු පොලී අනුපාතය පහළ දැමීම, නව ව්‍යාපාර ආරම්භ කරන අය වෙනුවෙන් සියයට හතක පොලී අනුපාත යටතේ ණය ගැනීම ආදී ප්‍රගතිගාමී වැඩසටහන් ක්‍රියාත්මක වෙනවයි කියන්නෙම මේ රට හිටපු තැනින් විශාල ඉදිරි පිම්මක් පැනලා තියෙනවයි කියන එකයි. මේ රටේ සියලු දෙනාටම වටහා ගැනීමට හැකියාව තිබෙනවා.

දූෂණය වැළැක්වීමට අවශ්‍ය පනත සම්මත කරගෙන තිබෙනවා. සංචාරක කර්මාන්තය 2020 වසරට පෙර තිබූ තත්ත්වයට නැවත පැමිණ තිබෙනවා. ඒ නිසා තමයි ජනතාව නැවත කතාබහ කරන්න පටන් ගෙන තිබෙන්නේ මේ ජනාධිපතිවරයා ඉදිරියටත් මේ රට පාලනය කළ යුතුයි කියලා.

ඒ නිසාම තමයි අනුර කුමාර දිසානායක මහතාත් ජනාධිපතිවරයා යන පාරේම ඉදිරියට යා යුතුයි කියලා ප්‍රකාශ කර තියෙන්නේ. ඒ නිසා එළැඹෙන ඔක්තෝබර් මාසයේදී නැවතත් මේ රටේ ජනාධිපතිවරයා වන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි කියන එක සඳහන් කළ යුතුයි. වැරදිලාවත් අත්හදා බලන්න යන්නට එපා. අත්හදා බලන්නට ගියොත් මේ රට නැවත ඇදගෙන වැටෙනවා. ඒක නවත්තන්නට බෑ කියන එක අපි සියලු දෙනාටම මතක් කර දීමට කැමතියි.”

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us