ගංගාවල ජල මට්ටම ඉහළට – ජනතාවට අනතුරු ඇඟවීමක්

Published in පුවත්
Saturday, 01 June 2024 13:03

මේ දිනවල ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර සදහන් කරයි.

මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් වියහැකි බවත් ගිංගඟ, කළු ගඟ, නිල්වලා ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවද අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර සදහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොසිතූ ලෙස ගංගාවල ජල මට්ටම ඉහළ යන බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවත් තවදුරටත් වැසි ඇදහැලුණ හොත් එම ගංගා ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතින බවද සදහන් කරයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරුවරයා තවදුරටත් සදහන් කළේ,

” ඉතා කෙටි කාලයක් තුළ අධික වැසි ලැබීම්. ඉතා කෙටි කාලයක් තුළ ලොකු ජල ධාරිතාවක් පොළොවට පතිතවීම තුළ පවතින ජලය ගලායන මාර්ග ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එම නිසා මේ ජලය භූමිය තුළ එකතු වෙනවා. මේක ඉතාම හානි කරයි. මොකද මේක ගැන අපිට අනතුරු අඟවන්න වෙලාවක් නැහැ. කාලයක් ලැබෙන්නේ නැහැ. ක්ෂණිකව සිදුවෙනවා. ඒ නිසා මේ ගැන මහජනතාව අවබෝධයකින් කටයුතු කිරීමෙන් පමණයි හානි අවම කළ හැක්කේ. මේක වැඩිපුරම බලපාන්නේ නාගරික ප්‍රදේශවල.”

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us