අයහපත් කාලගුණයෙන් කටුනායකට පැමිණි ගුවන් යානා මත්තලට යවයි

Published in පුවත්
Sunday, 02 June 2024 18:40

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ අද (02)  අලුයම් කාලයේ පැවති අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගත් බව කටුනායක  ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඒ අනුව අබුඩාබි නුවර සිට 06/02 දින අලුයම 03.25 ට ගොඩ බැස්සවීමට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

මීට අමතරව සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළේ සිට අද අලුයම 04.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

ඒ වනවිටත් හම්බන්තොට මත්තල ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශය තුළත් වැසි තත්වය පැවති බව සදහන් කළ මත්තල ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා , එම ගුවන් යානා 06/02 දින අලුයම 04.15 පමණ වනවිට තම ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ද සදහන් කළේය .

අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් යානයේ මගීන් , ගුවන් යානයෙන් පිටතට නොබස්වා පැවති අතර ,  මෙම ගුවන් යානය  යළිත් අද උදෑසන 08.13 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහෙත් සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ සිටි මගීන් එම ගුවන් යානයෙන් පිටතට බස්සවා , අවශ්‍ය පහසුකම් එම මගීන්ට සළසා දීමෙන් අනතුරුව , එම ගුවන් යානය ද අද දින උදෑසන 10.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us