කළුතර ප්‍රධාන හා අතුරු මාර්ග වසා දමයි

Published in පුවත්
Monday, 03 June 2024 13:01

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග 15 ක ගමනා ගමන කටයුතු අද 03 දිනයේ සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දැමීමට තිරණය කර තිබේ.

ඒ අනුව බුලත්සිංහල , මතුගම ,වළල්ලාවිට, පාලින්දනුවර ,ඉංගිරිය ,මදුරාවල, බණ්ඩාරගම, මිල්ලනිය සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත සඳහන් පරිදි වලල්ලාවිට අවිත්තාව මාර්ගය, අගලවත්ත, කුඩලිගම මාර්ගය, මතුගම අලුත්ගම මාර්ගය, බදුරලිය කලවාන, බදුරළිය හැඩිගල්ල සහ බදුරලිය පැණිගල මාර්ගය, රත්නපුර ඉංගිරිය මාර්ගය, බුලත්සිංහල මෝල්කාව සහ බුලත්සිංහල ඉහළ වෙල්ගම මාර්ගය, යාල වේරවත්ත මාර්ගය, වරකාගොඩ කලවැල්ලාව මාර්ගය, මතුගම හොරණ අංක (458) මාර්ගය, ඇලමෝදර පරගස්තොට මාර්ගය, කොළ මැදිරිය මිල්ලනිය මාර්ගය, යන ප්‍රධාන හා අතුරු මර්ගවල රථවාහන ගමනා ගමන කටයුතු තාවකාලිකව නතර කර දමා ඇති බව වාර්තා වේ.

ඒමෙන්ම ජනතාවගේ පහසුව තකා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් ප්‍රධාන මාර්ගවලට අඟුල් 09 ක් බෝට්ටු අටක් යොදවා යුද හමුදාව ,නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිළධාරීන් ද යොදවා ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එම්. පී.ආර්.පී.එස්. පෙරේරා සඳහන් කරයි.

Last modified on Monday, 03 June 2024 13:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us