දැන් තියෙන්නේ ජනතාවගේ ජීවත්වමේ අයිතිය රැකීමයි - රංගේ

Published in පුවත්
Monday, 03 June 2024 15:26

තමන් කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් නොකළ බවත්, තමන් කළ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේත් සඳහන් වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් නොවිය යුතු බවත්, එසේ උවහොත් නැවත රට පෙර තිබූ තත්වයට ඇද වැටෙන බවත්, මේ මොහොතේ පවතින්නේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය රැකීම බවත් රංගෙ බණ්ඩාර පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (03) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහි දි වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මෙසේ ද පැවසීය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන පරිච්ඡේදයේ 86 වැනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා “ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමයික් යුක්ත යැයි ඔහු සලකන්නා වූ යම් කාරණයක් 85 වන ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මඟින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක්කේය“ කියලා. ඊට අමතරව 87-1 ව්‍යවස්ථාව යටතේ හා 87-2 යටතේ මේ ගැන සඳහන් කරල තියෙනවා.

මේ අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත කාරනාවක් සම්බන්ධයෙන් ජනතාවගේ මතය ජනමත විචාරණයකින් හැකියාව ඇති බවත් පාලිත රංගෙ බණ්ඩාර මහතා මෙහිදී පැවසීය. එසේම පවත්වන්නා වූ සියලු ජනමත විචාරණයක් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පැවැත්විය යුතු බවත්, එහි ප්‍රතිපලය ඔහු විසින්ම ජනතාව වෙත දැනුම්දිය යුතු බවත් සඳහන් බව ද රංගෙ බණ්ඩාර පැවසිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනයක් ගැන තමයි මම එදා සඳහන් කළේ. අරගලයෙන් පස්සෙ ජනාධිපතිතුමා රට භාර අරගෙන මේ වෙලාවේ කරගෙන යන වැඩපිළිවෙල ගැන රටේ බහුතරයක් ජනතාවගේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ජනතාව තුළ බවතින ඒ මතය තමයි මා ඔබට ප්‍රකාශ කළේ. අනික් පැත්තෙන් 2027දී අපිට විශාල ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඒ වගේම ණය ගෙවල ඉවර වෙලා සංවර්ධන වැඩවලට තවත් ණය ගන්න සිදු වෙනවා. ඒ වෙනුවෙන් රට පෙළගස්වන කාලය තමයි මේ එළඹිලා තියෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එළඹිලා තියෙන්නේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය රැකීමයි. මම මේ රටේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂ ලෙස එක මතයකට පැමිණ දැන් ක්‍රියාත්මක කරගෙන යන ආර්ථික වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයාමට සුදානම්ද කියන එක ප්‍රකාශ කරන්න කියලයි. මම අනික් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා මේ වැඩපිළිවෙල පිළිගන්න කැමතිද? මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න කැමතිද කියලා ජනතාවට ප්‍රකාශ කරන්න. මාව විවේචනය කර කර හිටියට වැඩක් නෑ.

අද ගෙන යන වැඩපිළිවෙල වෙනස් කළොත් කළින් පැවති අඩියටම රට ඇදගෙන වැටෙනවා. ඒ තත්වයට යන්න කවුරුවත් කැමති නෑ. එහෙම නම් මේ ගෙනියන වැඩපිළිවෙල එළෙසම පවත්වාගෙන යන බවට එකඟත්වයට පැමිණ අපි ජනාධිපතිවරණයට යමු. මම එදා කිවුවේ ඒකයි.“

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us