නිල්වලා පිටාර දැමීමෙන් තවත් ගම්මාන රැසකට රතු නිවේදන ! පළාත් කිහිපයක පාසල් වලට නිවාඩු

Published in පුවත්
Tuesday, 04 June 2024 08:47

නිල්වලා ගගේ ගල් බැම්ම මතින් ජලය පිටාර දැමීම හේතුවෙන් තවත් ගම්මාන රැසකට ගංවතුර පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සූගීෂ්වර මහතා පැවසුවේ, තිහගොඩ, මාතර සහ මාලිම්බඩ ගම්මාන රැසකට අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි.

මේ අතර අත්තනගලු ඔය, ගිං, කැලණි සහ කළු ගංගා තවදුරටත් අවදානම් තත්ත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. පී. සී. සූගීෂ්වර මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර ආපදා තත්ත්වයන් හේතුවෙන් පළාත් කිහිපයක පාසල්වලට අද (04) නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ, පවතින අධික වැසි සමග ඇති වූ ගංවතුර සහ ආපදා හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, සබරගමුව පළාතේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල සියලු පාසල්, දකුණු පළාතේ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්, බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හා හෝමාගම කලාපයටත් නිවාඩු ලබා දී ඇති බවයි.

මේ අතර ගම්පහ සහ කැලණිය කලාපවල සියලු පාසල්වලට ද අද නිවාඩු ලැබෙනු ඇති.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කඩුවෙල කොට්ඨාසයේ පාසල් සියල්ල ද අද වසා තැබෙන බවයි.

පවතින ආපදා තත්ත්වය හමුවේ දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා එම නිවාඩුව ලබා දී තිබේ.

අදින් දිනෙන් පසු ඇති වන කාලගුණ තත්ත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us