වතු සේවක වැටුප් වැඩි කිරීමට එරෙහිව ඉල්ලූ වාරණය අභියාචනාධිකරණ ප්‍රතික්ෂේප කරයි

Published in පුවත්
Tuesday, 04 June 2024 10:22

වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් වතු සමාගම් 21ක් ගොනු කළ පෙත්සම අනුව වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය ඊයේ (03) ප්‍රතික්ෂේප කළේය.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතාගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී අද දිනයේදී මෙම පෙත්සම සලකා බැලූ අතර එහිදී මෙසේ වතු සමාගම් ඉල්ලා සිටි වාරණ නියෝගය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පෙනී සිටි අතර කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ පඩි පාලක සභාවේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් රජයේ අධි නීතීඥ විකුම් ද ආබෲ මහතා පෙනී සිටියේය.

පඩි පාලක සභාව කැදවූ අවස්ථාවේදී වතු සමාගම් වර්ජනය කළ බවත් ඒ අනුව කම්කරු අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව කම්කරු කොමසාරිස්වරයාට විසින් වැටුප් වැඩි කිරීමට අදාල නීත්‍යානුකූල පියවර ගෙන ඇති බවද රජයේ අධිනීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සදහන් කළේය.

වතු සමාගම් විසින් ගොනු කළ ඇති පෙත්සම නෛතික බලයක් ඇති අයෙක් විසින් අත්සන් කර නොමැති බව ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා අභියාචනාධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් සදහන් කළේය.

මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය වතු සමාගම් විසින් ඉල්ලා සිටි වාරණ නියෝගය ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

-P..M

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us